සේවා අපනයනකරුවන්ගේ බදු සඳහා විශේෂ වාසියක්……………

WhatsApp Image 2025 03 04 at 13.30.18

අද (04) දින පාර්ලිමේන්තුවේදී ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු පවසා සිටියේ සේවා අපනයනකරුවන්ට පනවන බදු සඳහා විශේෂ වාසියක් ලබාදී ඇති බවයි.

සේවා අපනයනකරුවන් මුදල් ඉපයීමේදී පළමු 150,000 නිදහස්වන අතර, දෙවන 83,000ට සියයට 6ක් ද, ඉතුරු ශේෂයටම සියයට 15ක් පමණක් ගෙවීමට සිදුවන බව ඔහු සඳහන් කර ඇත.

එහිදී නියෝජ්‍ය අමාත්‍යවරයා පවසා සිටියේ,

“ඒ වාසිය ලබාගන්න එයා ඔප්පු කරන්න ඕනේ එයා ස්වයංව තමන්ගේ බදු තක්සේරු ඉදිරිපත් කරනකොට තමුන් මේක සේවා අපනයනය කරලා ලබාගත්ත එකක්. ඒ නිසා තමයි බැංකු හරහා ඉදිරිපත් කරන්න ඕනේ කිව්වේ. මේ වගේ දේවල්වලට මුවාවෙලා සමහර විට බදු ගෙවන්න ඕනේ අය නොගෙවා ඉන්න පුළුවන්. එහෙම නැතුව අසාධාරණ බද්දක් පනවලා නෑ සාධාරණ බවේ මූලධර්ම රැකීම පදනම් කරගෙන සහ ජාත්‍යන්තරව ගොඩනැගෙන මේ ගනුදෙනු හරහා ලෝකයත් එක්ක ගැටගැහිලා යන නව ප්‍රවනතාවයක් එක්ක මේ කටයුත්ත කළේ. එහෙම නැතුව කිසිම ආකාරයක අසාධාරණ බදු පැනවීමක් කරලා නෑ “

Leave a Reply

Your email address will not be published. Required fields are marked *