වැඩ බලන මූලස්ථාන පොලිස් පරීක්ෂකවරියකුට වරෙන්තු……………

වැලිගම වැඩබලන මූලස්ථාන පොලිස් පරීක්ෂක උපුල් කුමාර අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට මාතර වැඩබලන මහේස්ත්‍රාත්වරයා විසින් වරෙන්තු නිකුත් කර ඇති බව වාර්තා වේ.

2023 දෙසැම්බර් 31 වැනි දා මාතර පැලෑන ප්‍රදේශයේ හෝටලයක් ඉදිරිපිට සිදු වූ වෙඩි තැබීමේ සිදුවීම සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනවලට අදාළව මෙම නියෝගය නිකුත් කර ඇති බවද වැඩිදුරටත් සඳහන් වේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අදාළ වෙඩි තැබීම සම්බන්ධයෙන් වැඩිදුර වාර්තාවක් මගින් ඉදිරිපත් කළ කරුණු සැලකිල්ලට ගනිමින් මෙම වරෙන්තුව නිකුත් කර ඇති බවද සදහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *