ව්‍යාජ පොලිස් හැදුනුම්පතක් සන්තකයේ තබාගෙන සිටි පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට…………

WhatsApp Image 2025 03 05 at 13.53.00 1

සේවය අතහැර යාමේ නියෝග නිකුත් කර සිටි පොලිස් කොස්තාපල්වරයෙකු ව්‍යාජ පොලිස් හැදුනුම්පතක් සන්තකයේ තබාගෙන සිටියදී අත්අඩංගුවට ගත් බව මාරවිල පොලිසිය පවසා ඇත.

මෙම සැකකරු බීමතින් යතුරුපැදියක් පදවමින් සිටියදී හලාවත කොට්ඨාශ රථවාහන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මාර්තු 04 වන ඊයෙ දිනයේ මාරවිල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

සැකකරු ඔහු පොලිස් නිලධාරියකු බවට හැදුනුම්පත ඉදිරිපත් කර ඇති අතර, හැඳුනුම්පත සම්බන්ධයෙන් ඇතිවූ සැකයක් මත වැඩිදුර විමර්ශනය කිරීමේදී, සැකකරු හැටන් පොලිස් ස්ථානයේ සේවය කරමින් සිටියදී සේවය හැරයාමේ නියෝග නිකුත් කර සිටි කොස්තාපල්වරයෙකු බවට හඳුනාගෙන ඇත.

පොලිස් හැදුනුම්පතක් ව්‍යාජ ලෙස සකස් කිරීම සහ, බීමතින් යතුරුපැදියක් පැදවීමේ වරදට සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවට වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *