මාර්තු 07 වන අද දින ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සැකකරුවන් 9 දෙනා සම්බන්ධ නඩුව කැඳවීමට නියමිතව ඇත.
ඒ අනුව එම නඩුව අද Skype සන්නිවේදන තාක්ෂණය ඔස්සේ කැඳවීමට අවශ්‍ය පියවර ගන්නා මෙන් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය නියෝග කර ඇති බව සඳහන් වේ.
මීට අදාළ නියෝගය ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය විසින් එම අධිකරණයේ ලේඛකාධිකාරීවරිය වෙත නිකුත් කර ඇති අතර ඊට අවශ්‍ය කටයුතු සූදානම් කරන ලෙස අධිකරණයේ ලේඛකාධිකාරිවරිය විසින් බන්ධනාගාර නිලධාරීන්ටද දැනුම්දී ඇත.


