කොළඹ නගරාධිපති ධුරයට සජබයෙන් ඉරාන් වික්‍රමරත්න මහතා යෝජනා කෙරේ …….…

කොළඹ මහ නගර සභාවේ නගරාධිපති ධුරය සඳහා සමගි ජන බලවේගයෙන් ඉරාන් වික්‍රමරත්න මහතා යෝජනා කර ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ප්‍රකාශ කර ඇත.

මාර්තු 10 වන ඊයේ දිනයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් පසුගිය වාරයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉවත් වී කොළඹ මහ නගර සභාවට තරග කිරීම සඳහා පැමිණි මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා මෙවර නගරාධිපති ධුරයට ඉදිරිපත්වීමට කැමැත්තක් ප්‍රකාශ කර නොමැති බව හිටපු මන්ත්‍රීවරිය සඳහන් කර ඇත.

කොළඹ මහ නගර සභාවේ නගරාධිපති ධුරය සඳහා තරග කිරීමට තමන්ටද බලාපොරොත්තුවක් නොමැති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *