මාර්තු 18 වැනිදා සිට තැපැල් වෘත්තිය සමිති වර්ජනයක් …….……

එළඹෙන මාර්තු 18 වැනි දින සිට තැපැල් වෘත්තිය සමිති වර්ජනය කිරීමට තීරණය කර ඇති බව තැපැල් හා විදුලි සංදේශ සංගමයේ ලේකම් මංජුල ජයසුන්දර මහතා ප්‍රකාශ කර ඇත.

ඒ අනුව තැපෑලේ පවතින දිගුකාලීන ගැටලු විසඳීමට බලධාරීන් අපොහොසත් වී ඇති බවත්, තැපැල් සංගම් එක්ව මෙම වැඩ වර්ජනය සිදු කිරීමට තීරණය කර ඇති බවත් එම සංගමය සඳහන් කර ඇත.

සේවක බඳවා ගැනීම්, පත් කිරීම්, උසස් කිරීම් සහ වැටුප් වර්ධක ගැටලු ඇතුළු ගැටලු ගණනාවක් තැපෑලේ පවතින බවත්, මෙම ගැටලු සම්බන්ධව තැපැල්පතිවරයා සමග සාකච්ඡා කළ ද, කිසිදු සාධනීය පියවරක් ගැනීමට ඔවුන් අපොහොසත් වී ඇති බව මංජුල ජයසුන්දර මහතා සඳහන් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *