මාර්තු 10 වන ඊයේ දිනයේදී රුවන්වැල්ල සිට දන්වැල්ල දෙසට දාවනය වූ මගී ප්‍රවාහන බස් රථයකදී ඉදිරිපස පාපුවරුව අසල ගමන් ගත් මගියෙක් බස් රථයෙන් ඇද වැටී ජීවිතක්ෂයට පත්ව ඇත.
අනතුරෙන් බරපතළ ලෙස තුවාල ලැබූ ඔහු කරවනැල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මෙලෙස මිය ගොස් ඇති බව වාර්තා වේ.
ඔහු වයස අවුරුදු 64 ක, හුඹස්වලාන රුවන්වැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවත් හදිසියේ ඇති වූ අසනීප තත්ත්වයක් හේතුවෙන් පාපුවරුවේ වාඩි වී ඇති බවත් ඒ සමගම ඇද වැටී ජීවිතක්ෂයට පත්ව ඇති බවත් මෙතෙක් සිදු කළ පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත.
මෘත ශරීරය කරවනැල්ල රෝහල් මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරන බව වාර්තා වේ.


