අදත් වැසි සහිත කාළගුණයක් …….……

WhatsApp Image 2025 03 13 at 09.36.00

නැගෙනහිර ,බස්නාහිර, සබරගමුව, දකුණු
පළාත්වල වැසි සහිත කාළගුණයක් දැකිය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර ඇත.

එමෙන්ම මුලතිව් දිස්ත්‍රික්කයේ වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බවද වාර්තා වේ.

බස්නාහිර ,සබරගමුව ,දකුණු පළාත්වල මෙන්ම කුරුණෑගල දිස්ත්‍රික්කයේ සවස් කාලයේදී හා රාත්‍රී කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද වාර්තා වේ.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තද සුළං වලින් හා අකුණු මගින් ඇතිවිය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *