ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගයට පස් කන්දක් කඩා වැටේ …….……

WhatsApp Image 2025 03 14 at 13.00.41 1

මාර්තු 13 වන ඊයේ දින පැවති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ කරඳගොල්ල, කිලෝමීටර් 12 කණුව ආසන්නයේ මාර්ගයට පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් ගමනාගමනය අවහිර වී ඇත.

එම මාර්ගය පිළිසකර කර නැවත යථා තත්ත්වයට පත් කරන තෙක් මාර්ගයේ ගමන් ගන්නා රථ වාහන වැල්ලවාය හා ඇල්ල දෙසට ගමන් කිරීමේදී විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලිසිය මහජනතාවගෙන් හා රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.

ඒ අනුව, ඇල්ල සිට වැල්ලවාය දෙසට ගමන් කිරීමේදී – බණ්ඩාරවෙලින් අඹදණ්ඩේගම හරහා ඌව කරඳගොල්ල ප්‍රදේශයෙන් වැල්ලවාය දෙසට ගමන් කළ හැකි බවත්, වැල්ලවාය දෙස සිට ඇල්ල දෙසට ගමන් කිරීමේදී – වැල්ලවාය ඌව කරඳගොල්ල ප්‍රදේශයෙන් අඹදණ්ඩේගම හරහා ඇල්ල දෙසට ගමන් කිරීමේ හැකියාව ඇති බවත් පොලිසිය ප්‍රකාශ කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *