ඉන්ස්ටග්‍රෑම් සාදයක් වැටලීමෙන් 57ක් අත්අඩංගුවට ගැනේ …….……

insta web

පමුණුගම, උස්වැටකෙයියාව ප්‍රදේශයේ හෝටලයක් තුල නීති විරෝධී මත්ද්‍රව්‍ය භාවිතා කරමින් ඉන්ස්ටගෑම් සාදයක් පවත්වන බවට පමුණුගම පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත එම ස්ථානයේ වැටලීමක් සිදුකර ඇත.

මාර්තු 23 වන ඊයේ දින රාත්‍රියේ පවත්වා ඇති මෙම සාදයට සහභාගි වූ තරුණයන් හා තරුණයින් අයිස් මත්ද්‍රව්‍ය හා ගංජා පානය කරමින් සිටි බව පොලීසිය ප්‍රකාශ කර ඇත.

එහිදී අයිස් මත්ද්‍රව්‍ය සහ කේරළ ගංජා සන්තකයේ තබාගෙන සිටි සැකකරුවන් 16 ක් අත්අඩංගුවට ගෙන ඇති බවත් එහි රැඳී සිටි සැකකාරියන් 07 දෙනෙකු සහ සැකකරුවන් 34 දෙනෙකුද සැකපිට පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙන බවත් වාර්තා වේ.

තවද මෙම සාදය පැවැත්වූ හෝටලයේ හිමිකරු අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 03 යි මිලිග්‍රෑම් 200ක් සමග අත්අඩංගුවට ගෙන ඇති අතර අත්අඩංගුවට ගත් සැකකරුවන් හා සැකකාරියන් අවුරුදු 18 ත් 35 අතර වයස්වල පසුවන කොළඹ තදාසන්න ප්‍රදේශවල පදිංචිකරුවන් බව සදහන් වේ.

මේ පිළිබදව පමුණුගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරන බව සදහන් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *