වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා මේ මස අවසානයේ සිට පොල් වතුහිමියන්ට පොහොර සහනාධාරය ලබා දීමට කටයුතු කරන බව ප්‍රකාශ කර ඇත.
රුපියල් මිලියන 5,600ක් ඒ සඳහා යොදවා ඇති අතර අක්කර පහට අඩු පොල් ගොවීන්ට එම පොහොර සහනාධාරය ලබාදීමට සැලසුම් කර ඇති බව සඳහන් වේ.
පොහොර සහනාධාරය ලබාදීම සඳහා පොහොර මෙට්‍රික් ටොන් 56,700ක් රජය සතුව පවතින බව අමාත්‍යවරයා වැඩිදුර සදහන් කර ඇත.


