අද උදෑසන දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම ප්‍රදේශයේ සිදුවූ අනතුරකින් පුද්ගලයින් 4 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇත.
ලොරි රථයක්, වෑන් රථ 2ක් සහ මෝටර් රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය සඳහන් කර ඇත.
තුවාල ලැබූවන්ගේ තත්වයද බරපතල නොවන බවත්, අනතුරින් අධිවේගී මාර්ගයේ ගමනාගමන කටයුතු වලට බාධාවක් එල්ල වී නැති බවත් වාර්තා වේ.


