එංගලන්තයේ මෙතෙක් වැඩිම ටෙස්ට් කඩුලු ලාභියෙකු වන ජේම්ස් ඇන්ඩර්සන් මහතා ක්‍රිකට් ක්‍රීඩාවට කළ සේවය වෙනුවෙන් ඔහුට නයිට් පදවියක් පිරිනැමීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
ඔහු 42 හැවිරිදි වියේ පසුවන අතර පසුගිය දා ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් එහි වඩාත්ම සාර්ථක වේග පන්දු යවන්නා බවට පත් වෙමින් කඩුලු 704ක් ලබා ගනිමින් විශ්‍රාම ගෙන ඇති බව වාර්තා වේ.
2003 මැයි මාසයේදී ඔහුගේ ප්‍රථම ටෙස්ට් තරගයට පෙර 2002 දෙසැම්බර් මාසයේදී ඔස්ට්‍රේලියාවට එරෙහිව එක්දින ජාත්‍යන්තර තරගයකදී එංගලන්තය වෙනුවෙන් පළමු වරට පෙනී සිට ඇත.
දශක දෙකකට අධික කාලයක් පුරා පැවති ඔහුගේ වෘත්තීය ජීවිතය තුළ එංගලන්තය වෙනුවෙන් ටෙස්ට් 188ක්, එක්දින තරග 194ක් සහ විස්සයි20 ජාත්‍යන්තර තරග 19ක් ක්‍රීඩා කර ඇත.
හිටපු අගමැති රිෂි සුනක් මහතාගේ ඉල්ලා අස්වීමේ ගෞරව ලැයිස්තුවේ මොහුට මෙසේ නයිට් පදවියක් පිරිනමා තිබෙන බව වාර්තා වේ.
පසුගිය ජූලි මාසයේදී ලෝඩ්ස් හි බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව පැවති පළමු ටෙස්ට් තරගයේදී ඔහු ක්‍රීඩාවෙන් සමුගෙන ඇත.
ඉන්පසුව ඔහු වේග පන්දු යැවීමේ උපදේශකයෙකු ලෙස එංගලන්ත පසුපෙළ කණ්ඩායමට එක් වී ඇත.
ඇන්ඩර්සන් මහතා ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගිය දා සිට ක්‍රීඩා කර නැති නමුත් ඉදිරියේදී පැවැත්වීමට නියමිත රෙඩ් රෝස් ප්‍රාන්තය වෙනුවෙන් ක්‍රීඩා කිරීම සඳහා ගිවිසුමක් අත්සන් කර තිබෙන බව වාර්තා වේ.
ඔහු තවත් වසර තුනක් දක්වා ක්‍රීඩා කිරීම ප්‍රතික්ෂේප නොකරන බව ඔහු වැඩිදුර ප්‍රකාශ කර ඇත.


