පේරු රාජ්‍යයේ හිටපු ජනාධිපතිවරයෙකු වන ඔලන්ටා හුමාලා මහතා සහ ඔහුගේ බිරිඳට වසර 15 ක සිර දඩුවම්………..……

පේරු රාජ්‍යයේ හිටපු ජනාධිපතිවරයෙකු වන ඔලන්ටා හුමාලා මහතා සහ ඔහුගේ බිරිඳ මුදල් විශූද්ධිකරණ චෝදනාවලට වරදකරුවන් ලෙස සලකා, ඔවුන්ට එරට අධිකරණය විසින් වසර 15 ක සිර දඬුවම් නියම කර ඇත.

2006 සහ 2011 වසරවල පැවති ජනාධිපතිවරණ සඳහා බ්‍රසීලයේ ඉදිකිරීම් සමාගමක් වන ඔඩෙබ්‍රෙක්ට් සහ වෙනිසියුලානු රජයෙන් නීතිවිරෝධී ලෙස මුදල් ලබා ගැනීම සම්බන්ධයෙන් ඔවුන්ට මෙලෙස සිරදඬුවම් නියම කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

එමෙන්ම ඔලන්ටා හුමාලා මහතා සහ ඔහුගේ බිරිඳ පේරු රාජ්‍යයේ ජාතික පක්ෂය පිහිටුවීමේ පුරෝගාමීන් ලෙස සලකනු ලබන බව වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *