මාලදිවයිනට ඊශ්‍රායල ජාතිකයින් ඇතුළුවීම තහනම් වෙයි………..……

මාලදිවයිනට ඊශ්‍රායල ජාතිකයින් ඇතුළුවීම තහනම් කිරීමට මාලදිවයින් ජනාධිපති මොහොමඩ් මුයිසු මහතා තීරණය කර තිබෙන බව ප්‍රකාශ කර ඇත.

එම තීරණ ගාසා තීරයේ සිදුකරන කුරිරු මිලිටරි ක්‍රියා හේතුවෙන් ගත් බව ඔහු නිවේදනය කර ඇත.

එමෙන්ම, තම රට ජාත්‍යන්තර නීතිය උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් වන වගවීම සඳහා අඛණ්ඩව පෙනී සිටින බව දන්වා ඇත.

මාලදිවයින් ජනාධිපතිවරයා ඊශ්‍රායලයේ ක්‍රියාවන් දැඩි ලෙස හෙළා දකින බව වැඩිදුර සඳහන් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *