ජාතික ගමනාගමන කොමිසම වෙත අලුත් අවුරුදු සමයේ බස් සේවා සම්බන්ධ පැමිණිලි 143ක්………….……

WhatsApp Image 2025 04 17 at 15.45.30 1

ජාතික ගමනාගමන කොමිසම වෙත අලුත් අවුරුදු සමයේ ක්‍රියාත්මක වන බස් සේවා සම්බන්ධයෙන් මේ වනවිට පැමිණිලි 143ක් ලැබී ඇති බව ප්‍රකාශ කර ඇත.

එම කොමිසමට, වැඩිපුර ගාස්තු අය කිරීම, මගීන්ට ආචාරශීලී නොවීම හා වේගයෙන් රිය ධාවනය කිරිම ඇතුළු පැමිණිලි රැසක් ඒ අතර වේ.

ඒ අනුව, ලබන 21 වැනිදාට පසුු එම සියලු පැමිණිලි විභාග කිරීම ආරම්භ කරන බව දන්වා ඇත.

එමෙන්ම ජාතික ගමනාගමන කොමිසම විසින් 1955 ක්ෂණික දුරකථන අංකය අමතා තවදුරටත් පැමිණිලි යොමු කළ හැකි බවද වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *