මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා විසින්, ශ්‍රී ලංකා පොලීසියට මෙම වසරේදී නිලධාරීන් 5,000 ක් බඳවා ගැනීමට කටයුතු කරන බව ප්‍රකාශ කර ඇත.
ඒ අනුව ඉන් නිලධාරීන් 2,000 ක් කඩිනමින් බඳවා ගැනීමටත් ඉතිරි 3,000 ක ප්‍රමාණය දෙසැම්බර් මාසයේදී බඳවා ගැනීමටත් සැලසුම් කර ඇති බව පොලීසියේ ස්ථානාධිපතිවරුන් ඇතුලු පොලිස් නිලධාරීන් සමඟ මාර්ගගතව පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත.
මීට අමතරව පොලිස් නිලධාරීන්ගේ ධාරිතා සංවර්ධන වැඩසටහන් සංවිධානය කිරීමට සැලසුම් කර ඇති බවත් එමගින් පොලිස් සේවය වඩා කාර්යක්ෂම ලෙසත් ඵලදායි ලෙසත් ලබාගැනීමට බලාපොරොත්තු වන බවද අමාත්‍යවරයා සඳහන් කර ඇත.
එසේම ශ්‍රී ලංකා පොලීසිය සඳහා වෙනම වැටුප් ව්‍යුහයක් සකස් කිරීම කෙරෙහි අවධානය යොමු කර ඇති බව අමාත්‍යවරයා සඳහන් කර ඇත.


