CCTV කැමරා මඟින් කොළඹ දී මාර්ග නීති කැඩූ රියදුරන් 4,000කට දඬුවම්………………

WhatsApp Image 2025 04 22 at 12.55.53

පොලීසිය විසින් ‍කොළඹ නගරය ආශ්‍රිතව පොලීසිය මඟින් ස්ථාපිත කර ඇති CCTV කැමරා මඟින් ලබා ගන්නා දර්ශනවලට අනුව රථ වාහන වැරදි සිදුකළ රියදුරන් 4,000කට වැඩි පිරිසකට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇත.

අදාළ රියදුරන්ගේ නිවෙස් වෙත එම රථ වාහන වැරදි සම්බන්ධයෙන් දැනුම් දී නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇති බව පොලීසිය ප්‍රකාශ කර ඇත.

පසුගිය වසරේ පෙබරවාරි මස පළමුවන දින සිට කොළඹ නගරය ආශ්‍රිතව ස්ථාපිත කර ඇති CCTV කැමරා මඟින් රථ වාහන වැරදි හඳුනාගැනීමේ මෙම වැඩසටහන ආරම්භ කර ඇත.

ඒ අනුව පොලීසිය විසින් මේ වසරේ අප්‍රේල් මස 20 වනදා දක්වා කාලය තුළ මාර්ග නීති උල්ලංඝනය කළ රියදුරන් 4,048 දෙනෙකුට එරෙහිව දඩ හෝ අධිකරණ ක්‍රියාමාර්ග ගෙන ඇති බව සඳහන් කර ඇත.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා මෙම වැඩපිළිවෙළ අඛණ්ඩව ඉදිරියට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව සඳහන් කර ඇත.

පොලීසිය විසින් ‍මෙම වැඩසටහන යටතේ නිසි ලෙස අයිතිය පවරා නොමැති රථවාහන 241කට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇති බව ද ප්‍රකාශ කර ඇත.

වාහනයක් විකිණීමේ දී අයිතිය පැවරීම අනිවාර්යෙන් සිදුකළ යුතු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා සදහන් කර ඇත.

මේ වසරේ ගත වූ කාල සීමාව තුළ මාරක රිය අනතුරු 724ක් සිදුව ඇති බව පොලීසිය ප්‍රකාශ කර ඇත.

එම අනතුරුවලින් පුද්ගලයින් 764 දෙනෙකු මියගොස් ඇති බව වාර්තා වේ.

මේ වසරේ ජනවාරි මස පළමුවන දින සිට මේ දක්වා කාලය තුළ බරපතළ අනතුරු 1,535ක් සිදුව ඇති අතර සුළු අනතුරු 2,699ක් සිදුව ඇති බව පොලීසිය ප්‍රකාශ කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *