මැතිවරණ කොමිසම විසින් 2025 මැයි 06 පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයට අදාළ තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට ඔබගේ අනන්‍යතාව තහවුරු කෙරෙන පිළිගත් ලියවිල්ලක් රැගෙන යාම අනිවාර්ය බව ප්‍රකාශ කර ඇත.
ඒ අනුව මැතිවරණ කොමිසම විසින් ජාතික හැඳුනුම්පත, වලංගු රියදුරු බලපත්‍රය, වලංගු විදේශ ගමන් බලපත්‍රය, මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කරන තාවකාලික හැඳුනුම්පත හෝ ජාතික හැඳුනුම්පත වෙනුවට පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මඟින් නිකුත් කරනු ලබන තොරතුරු තහවුරු කිරීමේ ලිපිය ඉදිරිපත් කිරීමේ හැකියාව ඇති බවද සඳහන් කර ඇත.
එමෙන්ම එළැඹෙන 24, 25 සහ 28, 29 යන දිනවලදී පමණක් අදාළ තැපැල් ඡන්ද සළකුණු කිරීමේ කටයුතු සිදුකරන බව මැතිවරණ කොමිසම වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.


