ගිනිඅවිය සන්තකයේ තබාගෙන සිටි සැකකාරිය හා තවත් කාන්තාවක් අත්අඩංගුවට ………….……

හැව්ලොක් නිවාස සංකීර්ණයේදී පොලිස් භාරයට ගන්නා ලද T-56 ගිනිඅවිය සන්තකයේ තබාගෙන සිටි සැකකාරිය හා තවත් කාන්තාවක් වැල්ලවත්ත පොලිස් ස්ථානය මඟින් අත්අඩංගුවට ගෙන ඇත.

ඊයේ (20) දහවල් කාලයේදී මෙම සැකකාරින් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

සැකකාරියන් අවුරුදු 40 හා 68 යන වයස්වල පසුවන බත්තරමුල්ල හා කොළඹ 06 ප්‍රදේශවල පදිංචිකාරියන් වන අතර අද ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ.

වැල්ලවත්ත පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *