දිස්ත්‍රික්ක කිහිපයක් සඳහා නායයෑම් අනතුරු ඇඟවීම් ………….……

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කර ඇත්තේ ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය, කළුතර දිස්ත්‍රික්කයේ පාලින්දනුවර, මහනුවර දිස්ත්‍රික්කයේ ගඟඉහළකොරළය සහ පස්බාගේකෝරළේ සඳහා අදියර 01 යටතේ වන නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර ඇත.

අද උදෑසන නිකුත් කරන ලද එම නිවේනදයට අනුව අද පෙරවරු 10:00 හෙට උදෑසන 10 දක්වා පැය 24ක කාලයක් බලපැවැත්වෙන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කර ඇත.

වැඩිදුරටත් කෑගල්ල දිස්ත්‍රික්කයේ අරණායක, බුලත්කොහුපිටිය, යටියන්තොට සහ රුවන්වැල්ල යන ප්‍රදේශීය ලේකම් කොට්ඨාස සඳහා මෙම නිවේදනය නිකුත් කළ බව ද ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *