භාතිය හස්තියා අවසන් සුසුම් හෙළයි………….……

WhatsApp Image 2025 07 15 at 12.03.15

දින ගණනාවක් පුරා ප්‍රතිකාර ලබමින් සිටි භාතිය හස්තියා අද (15) උදෑසන මියගොස් ඇත.

වෙඩිවැදීමකින් ලද තුවාල හේතුවෙන් අසාධ්‍ය තත්ත්වයේ පසුවූ භාතිය හස්තියාට ප්‍රතිකාර කිරීමට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ හිටපු පීඨාධිපති මහාචාර්ය අශෝක දන්ගොල්ල මහතාගේ මූලිකත්වයෙන් යුත් කණ්ඩායමක් පොල්පිතිගම ප්‍රදේශයට ගොස් සිටි බවද වාර්තා වේ.

එහිදී ඔවුන් මහත් වෙහෙසක් දැරූ අතර මාංශ පේෂි දියවී ගොස්, රුධිර සංසරණයට ද බාධා එල්ලවී හස්තියා ඉතාමත් අසාධ්‍ය තත්ත්වයේ පසුවූ බව පශු වෛද්‍යවරුවන් පැවසීය.

කෙසේවෙතත් දින ගණනාවක් පුරා ප්‍රතිකාර ලබමින් සිටි භාතිය හස්තියා ඊයේ (14) අනෙක් පසට හැරවීම සිදුකර තිබුණි.

මහාචාර්ය අශෝක දංගොල්ල මහතාගේ උපදෙස් අනුව වෛද්‍ය තරිදු විජේකෝන්, වනජීවී නිලධාරීන්, යුද හමුදා නිලධාරීන් හා එක්ව ඒ සඳහා අවශ්‍ය කටයුතු සිදුකර තිබුණේ මහත් පරිශ්‍රමයක් දරමිනි.

භාතිය වයසට වඩා පිරුණු පෙනුමකින් හෙබි, සමමිතික, හැඩ දළ යුවළකට හිමිකම් කියන අවුරුදු 30 – 35 අතර වයසක පසුවන කාගෙත් අවදානයට ලක්වූ හස්ති රාජයෙකි.

හස්තියා වෙඩි ප්‍රහාරයන්ට ගොදුරු වීම් නිසා හේතුවෙන් දැඩි ලෙස අසාධ්‍ය තත්ත්වයේ පසුවී මෙලෙස අද උදෑසන ජීවිතය හැර ගියේ රටම කම්පාවට පත්කරවමිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *