එජාප නාගරික මන්ත්‍රීවරියට පහරදීමට එරෙහිව කොළඹ මහ නගර සභාව ඉදිරිපිට විරෝධතාවක්……….

එක්සත් ජාතික පක්ෂයේ කොළඹ මහ නගර සභා නාගරික මන්ත්‍රීවරියක් වන යූ. සඳමාලිට එල්ල වූ මැර ප්‍රහාරයට විරෝධය දක්වමින් අද (18) දේශපාලන පක්ෂ, සිවිල් ක්‍රියාකාරීන් හා සංවිධාන ඇතුළු පිරිසක් එක්වී උද්ඝෝෂණයක් සිදුකර ඇති බව වාර්තා වේ.

ඒ අනුව පෙරේදා රාත්‍රියේදී යූ. සඳමාලි මන්ත්‍රීවරිය පිළිගැනීම සඳහා පැවති උත්සවයක් අවසන් කර ඇය යමින් සිටියදී, බ්ලූමැන්ඩල් ප්‍රදේශයේ දී කිසියම් පිරිසක් පැමිණ ඇයට අමානුෂික අයුරින් පහරදීම හේතුවෙන් ඇය තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ බව සඳහන්වේ.

මෙම ප්‍රහාරය හෙළා දකින බවත්, ජනතා විමුක්ති පෙරමුණේ මැර දේශපාලනය නැවතත් හිස ඔසවා ඇති බවත් විරෝධතාකරුවන් පවසන අතර පහර දුන් පිරිසට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස විරෝධතාකරුවන් ඉල්ලා සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *