ශ්‍රී ලංකාව සමග පැවැත්වීමට නියමිත තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සඳහා වන බංග්ලාදේශ සංචිතය නම් කර තිබේ.
ටෙස්ට් තරගාවලිය ජුනි 17 වැනිදා ගාල්ලේදී ආරම්භ වීමට නියමිතයි.එය ලෝක ටෙස්ට් ශූරතා තරගාවලිය ආරම්භ කරමින් පැවැත්වෙන පළමු තරගයද වේ.
ක්‍රීඩකයින් 16 දෙනෙකු සංචිතයට ඇතුළත් අතර, නජ්මුල් හොසේන් ෂැන්ටෝ නායකයා ලෙස කටයුතු කරයි. නායක නජ්මුල් හොසේන් ෂැන්ටෝ ඇතුලුව සෙසු සංචිතය වනුයේ ෂද්මන් ඉස්ලාම්, අනාමුල් හක් බිජෝයි, මොමිනුල් හක්, මුෂ්ෆිකර් රහීම්, ලිටන් දාස්, මහිදුල් ඉස්ලාම්, ජේකර් අලි, මෙහිදි හසන් මිරාස්, තයිජුල් ඉස්ලාම්, නයීම් හසන්, හසන් මුරාඩ්, එබදත් හොසේන්, හසන් මහමුද්, නහිඩ් රානා, කලීඩ් අහමඩ් ය.
වේග පන්දු යවන ක්‍රීඩක එබදත් හොසේන් වසර දෙකකට පමණ පසුව ටෙස්ට් සංචිතයට කැඳවා තිබීම විශේෂත්වයක් වන අතර, ලිටන් දාස් ද යළි කැඳවා තිබේ. නජ්මුල් හොසේන් ෂැන්ටෝ 2023 වසරේ ජූලි මාසයේදී ඇෆ්ගනිස්තානයට එරෙහි එක්දින තරගයකදී තුවාල ලැබීමෙන් පසු ඔහු මේ දක්වා ජාත්‍යන්තර පිටියේ ක්‍රීඩාකර නොමැත.


