විද්‍යුත් කාඩ්පත් මගින් බස් ගාස්තු ගෙවීමේදී අමතර අයවීමක් නැහැ

template 3
විද්යුත් කාඩ්පත් මගින් බස් ගාස්තු ගෙවීමේදී අමතර අයවීමක් නැහැ
|-ප්රවාහන මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්ය බිමල් රත්නායක |
ඩිජිටල් ආර්ථික අමාත්යාංශයේ උපදේශකත්වය මත ප්රවාහන මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්යාංශය යටතේ පවතින ප්රවාහන සේවය තවත් ශක්තිමත් කිරීමත්, විනිවිදභාවය මගීන් සහ කොන්දොස්තර මහත්වරුන් අතර තවදුරටත් තහවුරු කිරීමටත්, මගී පහසුව වෙනුවෙනුත් විද්යුත් කාඩ්පත් හරහා ගෙවීම් සිදු කිරීමේ වැඩසටහන අද ( 24 ) දින මාකුඹුර බහුවිධ මධ්යස්ථානයේ දී අමාත්ය බිමල් රත්නායකගේ ප්රධානත්වයෙන් ආරම්භ විය.
බස් ගාස්තු විද්යුත් කාඩ්පත් හරහා ගෙවීම් කිරීමේදී මගීන්ගෙන් අමතර ගාස්තුවක් අය නොකෙරෙන බව ත් බැංකු ගාස්තුව ගෙවීම බස් හිමියන් වෙත පැවරෙන අතර ඒ අනුව බස්ගාස්තු කාඩ්පත් මගින් ගෙවීමෙන් මගීන්ට වැඩි මුදලක් වැයකිරීමට සිදු නොවන බව අමාත්යවරයා එහිදී පෙන්වා දුන්නේය.
නව ක්රමවේදයෙන් මගීන්ට අමතර මුදලක් වැය නොවන අතර, නියමිත ගාස්තුව පමණක් ගෙවීමේ හැකියාව ද ලැබේ. කාඩ්පත් මගින් බස්ගාස්තු ගෙවීම් වැඩපිළිවෙළ ඉදිරි දින කිහිපයේදී සමීපව නිරීක්ෂණය කරන බව ද අමාත්ය බිමල් රත්නායක මහතා පවසයි.
එහිදී හඳුනා ගැනෙන ප්රබලතා සහ දුබලතා මත කාඩ්පත් ක්රමය තවදුරටත් සංවර්ධනය කිරීම රජයේ අපේක්ෂාවයි. මෙම ක්රමවේදය මගින් බස් මගීන්ට සිය ගමනාන්තය වෙනුවෙන් නියමිත මුදල පමණක් ගෙවීමේ හැකියාව ලැබේ. ඊට අමතරව බස් හිමියන්ට ද ප්රතිලාභ හිමිවන බව, බස් ගාස්තු කාඩ්පත් මගින් ගෙවීමේ නියමු ව්යාපෘතිය මාකුඹුර බහුවිධ ප්රවාහන මධ්යස්ථානයේදී ආරම්භ කරමින් අද සඳහන් කළේය. බස් මාර්ග කිහිපයක අද සිට මෙම ක්රමවේදය ඇරඹෙයි. හෙට සිට තවත් මාර්ග කිහිපයකට ක්රමවේදය හඳුන්වා දීමට සැලසුම් කර ඇත. පොදු ප්රවාහන සේවය සංවර්ධනය කිරීම රජයේ ප්රධානතම අපේක්ෂාවකි. ඒ සඳහා ඉදිරියේදී ද තවත් ක්රියාමාර්ග රැසක් අනුගමනයට රජය සූදානම් බවද අමාත්යවරයා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *