උසස් පෙළ ආර්ථික විද්‍යා ප‍්‍රශ්න පත‍්‍ර දෙකම පිට වූ සැටි චාමර සම්පත් කියයි

1020
මෙවර උසස් පෙළ විභාගයේ ආර්ථික විද්යා පරශ්න පතරය නුගේගොඩ ‘සක්යා’ නම් උපකාරක පන්ති පවත්වනු ලබන ආයතනයෙන් විභාගයට පෙර නිකුත් කර ඇති බවට පාර්ලිමේන්තු මන්තරී චාමර සම්පත් මහතා අනාවරණයක් කරනු ලැබුවා.
විභාග දෙපාර්තමේන්තුවේ පළමුවැනි පරශ්න පතරයේ ඇති පරශ්න 50න් 27ක් එම නිකුත් කරනු ලැබූ පරශ්න පතරයෙහි අඩංගු බව ඔහු පෙන්වා දුන්නා
‘‘පළවෙනි පරශ්ණ පතරයේ පරශ්ණ 27ක් සමානයි. දෙවැනි පරශ්න පතරයේ පරශ්න 10න් පරශ්න 5ක් උපකාරක පන්ති පරශ්ණ පතරයේ පරශ්නවලට හරියටම සමානයි.”
එම පරශ්න පතර දෙකම සභාගත කරමින් මේ පිළිබඳ රටේ කතිකාවක් යන බවත් වහාම ඒ පිළිබඳ විමර්ශනයක් කරන්නැයි මන්තරීවරයා සඳහන් කර සිටියා.
විශේෂයෙන්ම මෙම තත්ත්වය තුළ නුගේගොඩ සක්යා ආයතනයට පැමිණිය නොහැකි බදුල්ල, මොණරාගල, මහියංගනය සහ දොඹගහවෙල වැනි දුෂ්කර ප්රදේශවල දරුවන්ට බලවත් අසාධාරණයක් සිදුවන බව මන්ත්රීවරයා දැඩිව පෙන්වා දුන්නේය. එක් ප්රදේශයක සිසුන් කණ්ඩායමකට පමණක් විභාග ප්රශ්න කල්තියා ලැබීම හරහා ‘සැමට අධ්යාපනය’ යන සංකල්පය සහමුලින්ම බිඳ වැටෙන බවත්, ග්රාමීය දරුවන්ට මෙමගින් විභාගය ජයගැනීමට ඇති සාධාරණ අවස්ථාව අහිමි වන බවත් හෙතෙම අවධාරණය කළේය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *