ශිරන්ති රාජපක්ෂ අද FCIDයට

WhatsApp Image 2026 02 03 at 10.22.03 AM 1

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මියට අද (03) දිනයේ ප්‍රකාශයක් ලබා දීම සඳහා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය (FCID) හමුවේ පෙනී සිටින ලෙසට දැනුම් දී තිබෙනවා.

මෙලෙස ඇයව කැඳවා ඇත්තේ සිරීලිය සවිය පදනමේ මූල්‍ය කටයුතුවලදී සිදුවූ බව කියන අක්‍රමිකතා කිහිපයක් සම්බන්ධයෙන් සිදු කෙරෙන දීර්ඝ විමර්ශනයකට අදාළවයි.

විශේෂයෙන්ම එම පදනම විසින් ලබාගත් ඇතැම් ප්‍රදාන සහ බැංකු ගිණුම් හරහා සිදු වූ මූල්‍ය ගනුදෙනු පිළිබඳව මෙහිදී ප්‍රශ්න කිරීමට නියමිතයි.

මීට පෙර පසුගිය 27 වැනි දින ශිරන්ති රාජපක්ෂ මහත්මිය මෙම විමර්ශන සම්බන්ධයෙන් කරුණු දැක්වීමට කැඳවා තිබූ නමුත් පෞද්ගලික හේතූන් මත පෙනී සිටීමට තමන්ට නොහැකි බවට ඇය පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශයට දැනුම් දී තිබුණා.

ඒ අනුව, මූල්‍ය අපරාධ කොට්ඨාශය හමුවේ පෙනී සිටීම සඳහා තවත් සති දෙකක කාලයක් ලබා දෙන ලෙස ඇය විමර්ශන නිලධාරීන්ගෙන් ඉල්ලීමක් කර තිබුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *