වික්ටර් රත්නායකයන්ගේ සංගීත දායකත්වය අගයමින් අග්‍රාමාත්‍යවරියගේ ප්‍රශංසාව

wicter fb

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථා පරිශ්‍රයේදී පැවති උත්සවයකදී ජ්‍යෙෂ්ඨ සංගීතඥ ආචාර්ය වික්ටර් රත්නායක මහතාගේ ඡායාරූපයක් එළිදැක්වීම සිදු විය. දශක හයකට අධික කාලයක් ශ්‍රී ලංකාවේ සංගීත ක්ෂේත්‍රයට ඔහු කළ මහඟු සේවය අගයමින් මෙම උත්සවය සංවිධානය කර තිබුණි. එහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය, වික්ටර් රත්නායකයන් තමන්ගේ ළමා කාලයේ සිටම වන්දනා කළ කලාකරුවෙකු බව සඳහන් කරමින්, ඔහුගේ ගීත තමන්ගේ සිංහල භාෂාවට ඇති ඇල්ම වර්ධනය කිරීමට බෙහෙවින් ඉවහල් වූ බව පැවසුවාය.

වයස අවුරුදු 84 සමරන වික්ටර් රත්නායකයන්ගේ සෞඛ්‍ය හා දීර්ඝායුෂ ප්‍රාර්ථනා කළ අග්‍රාමාත්‍යවරිය, සංගීත ක්ෂේත්‍රයේ ජීවමාන ජනප්‍රවාදවලට ගෞරව කිරීමේ මෙම උත්සවය වෙනුවෙන් ගුවන් විදුලි සංස්ථාවට ස්තුතිය පුද කළාය. බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය වෛද්‍ය හිනිදුම සුනිල් සෙනෙවි, මාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය කෞෂල්යා ආරියරත්න ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *