ඊශ්‍රායල-ඉරාන ගැටුම උත්සන්න වීමත් සමඟ මැදපෙරදිග රටවල රැඳී සිටින ශ්‍රී ලාංකිකයන් මිලියනයක පමණ ආරක්ෂාව සහතික කිරීමට රජය පියවර ගෙන තිබේ. එම ප්‍රදේශයට ගුවන් ගමන් අත්හිටුවා ඇති බැවින්, එහි සිරවී සිටින මගීන් නැවත ගෙන්වා ගැනීමට පියවර ගන්නා බව වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පැවසීය. තුර්කිය හරහා ගුවන් ගමන් යළි හරවා යැවීමට සාකච්ඡා පැවැත්වේ. මේ වනවිට ඩුබායි, දෝහා සහ රියාද් යන ගුවන් ගමන් අත්හිටුවා ඇති අතර, එම ප්‍රදේශවල ශ්‍රී ලාංකිකයන් සඳහා 24 පැය හදිසි සුරැකුම් ඇමතුම් අංක ක්‍රියාත්මක කර ඇත . මේ අතර, ගැටුමෙන් මියගිය සියලු දෙනා වෙනුවෙන් ශෝක ප්‍රකාශයක් නිකුත් කිරීමට ද රජය තීරණය කර ඇත .


