මොරටුව අඟුලාන මුහුදු තීරයේදී අනතුරට ලක්වූ නාවික හමුදාවට අයත් වේග ප්‍රහාරක යාත්‍රාවෙන් අතුරුදන් වූ නාවික නිලධාරියා සොයා මෙහෙයුම් තුන්වන දිනයටත් ක්‍රියාත්මක බව නාවික හමුදාව ප්‍රකාශ කරයි.අනතුර සිදු වූයේ සෙනසුරාදා පෙරවරු 11.40ට පමණ, මුර සංචාරයක් අවසන් කර කොළඹ බලා පැමිණෙමින් සිටියදීය.
මෙහිදී නාවිකයින් 12 දෙනාගෙන් 11 දෙනෙකු බේරාගැනීමේ මෙහෙයුමෙන් ගොඩට ගෙන ගිය අතර ඔවුන් නාවික හමුදා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.අතුරුදන්ව ඇත්තේ ලෙෆ්ටිනන්ට් උදයප්‍රිය නමැති, බොරලැස්ගමුව වේරහැර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඔහු සොයා ගන්නා මෙහෙයුම් අද (17) දිනත් දිගටම සිදුකෙරේ.මේ අතර අනතුරට ලක්වූ යාත්‍රාව ගොඩට ගැනීමේ මෙහෙයුම් ඊයේ ආරම්භ වූ අතර, මුහුදේ රළු තත්ත්වය සහ දැඩි සුළං හේතුවෙන් එය දැඩි අභියෝගයකි.


