ජනවාරි මස ගිණුම් ශේෂය 271%කින් ඉහළට

janawari

මධ්‍යම බැංකු දත්ත වලට අනුව, 2026 ජනවාරි මාසයේ දී ශ්‍රී ලංකාවේ වත්මන් ගිණුම් ශේලය (External Current Account) ඇ.ඩො. මිලියන 369.7ක අතිරික්තයක් පෙන්නුම් කර ඇත. පසුගිය වසරේ ජනවාරි මාසයේ මෙය ඇ.ඩො. මිලියන 99.8ක් පමණක් විය. අපනයන ආදායම 9.1%කින් ඉහළ යාම, විදේශ සේවක ප්‍රේෂණ 31.1%කින් (ඇ.ඩො. මිලියන 751.1 දක්වා) ඉහළ යාම සහ ආනයන වර්ධනය සීමා වීම හේතුවෙන් වෙළඳ හිඟය පටු වීම මෙයට හේතු විය. කෙසේ වෙතත්, මෝටර් රථ ආනයනය ඩිසැම්බර් මාසයේ ඇ.ඩො. මිලියන 301 සිට ජනවාරි මාසයේදී ඇ.ඩො. මිලියන 224 දක්වා පහත වැටුණි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *