රජය විසින් වෛද්යවරුන්ගේ ගැටළු විසඳීම සඳහා කලින් අත්සන් කරන ලද ගිවිසුම්වලට ගරු නොකරන බවට චෝදනා කරමින්, රජයේ වෛද්ය නිලධාරීන්ගේ සංගමය (GMOA) දිවයින පුරා වෘත්තීය ක්රියාමාර්ග මාලාවක් දියත් කිරීමට තීරණය කර තිබේ. මෙම ක්රියාමාර්ග මගින් මහජන සෞඛ්ය සේවාවන්ට බලපෑම් එල්ල විය හැකි බව වාර්තා වේ .


