මැදපෙරදිග කලාපයේ පවතින යුද තත්ත්වය හේතුවෙන් අද දිනයේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ ගුවන් ගමන් කිහිපයක් ප්‍රමාද වීමත් සමඟ ගුවන් ගමන් 28 ක් පමණ අවලංගු වී ඇති බව වාර්තා වේ.
මේ හේතුවෙන් ගුවන් මගීන් සිය ගණනක් ගුවන් තොටුපලේ රැඳී සිටීමට සිදුව ඇති අතර SriLankan Airlines, Emirates, Qatar Airways ඇතුළු ගුවන් සේවා කිහිපයක ගමන් සැලසුම්ද බලපෑමට ලක්ව තිබේ. මැදපෙරදිග ගුවන් කලාප කිහිපයක් තාවකාලිකව වසා දැමීම මෙම තත්ත්වයට ප්‍රධාන හේතුව බව සඳහන් වේ.


