අනුරාධපුර දිස්ත්‍රික්ක තුළ ගංජා බෙදා හරීන ජාවාරම්කරුවන් වෙත ලබාදීම සඳහා රැගෙන එමින් තිබූ කේරල ගංජා කිලෝ හයක් සමග යුවළක් අත් අඩංගුවට ගැනීමට අනුරාධපුර කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශයේ බුද්ධි අංශ නිලධාරීන් ඊයේ(27)සවස සමත් ව තිබේ.
මිනුවන්ගොඩ ප්‍රදේශයේ සිට තීරෝද රෝද රථයකින් ගංජා රැගෙන එමින් සිටින අතරතුර අනුරාධපුර තිසාවැව ප්‍රදේශයේදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර
ඔවුන් මිනුවන්ගොඩ ප්‍රදේශයේම පදිංචි 56 සහ 53 වයසේ පසුවන අඹු සැමි යුවලකි.
සැකකරුවන් අද අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර වැඩිදුර පරීක්ෂණ අනුරාධපුර කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින් සිදු කරනු ලබයි.
-ඉෂාන් කළු ආරච්චි-


