අලුත් අවුරුදු සමයේ අන්තර්ජාල මූල්‍ය වංචා රැල්ලක් පිළිබඳ පොලිසියෙන් අනතුරු ඇඟවීමක්

world bank Recovered 2

සිංහල සහ හින්දු අලුත් අවුරුදු උත්සව සමය සමඟ අන්තර්ජාලය හරහා සිදු කෙරෙන මූල්‍ය වංචා සහ දත්ත සොරකම් කිරීම් ඉහළ යාමේ ප්‍රවණතාවක් පවතින බව පොලිස් මූලස්ථානය අනතුරු අඟවා තිබේ.

උත්සව සමයේදී භාණ්ඩ මිලදී ගැනීම් සහ ගෙවීම් සඳහා ජනතාව වැඩි වශයෙන් අන්තර්ජාලය භාවිත කිරීමත් සමඟ, ක්ෂණික ලාභ අපේක්ෂාවෙන් විවිධ වෙබ් අඩවි වෙත යොමු වීම වංචාකරුවන්ට අවස්ථාවක් වී ඇති බව පොලිසිය පෙන්වා දෙයි.

විශේෂයෙන් වංචාකරුවන් විසින්,

ව්‍යාජ අවුරුදු Offers සහ Giveaways
ව්‍යාජ බැංකු වෙබ් අඩවි සහ Apps
QR කේත හරහා මුදල් ලබා ගැනීම
Phishing ඊමේල් සහ SMS
Caller ID Spoofing

වැනි උපක්‍රම භාවිත කරමින් ජනතාව මුලා කරමින් සිටින බව සඳහන් වේ.

මෙලෙස ලබා ගන්නා පෞද්ගලික දත්ත භාවිතයෙන් පුද්ගල අනන්‍යතාව සොරකම් කිරීම සහ බැංකු ගිණුම්වල මුදල් සොරකම් කිරීමේ බරපතල අවදානමක් පවතින බවද පොලිසිය අවධාරණය කරයි.

ඒ අනුව, සැකකටයුතු Links සහ Online ගනුදෙනු සම්බන්ධයෙන් ඉතා විමසිලිමත් වීමට මහජනතාවගෙන් ඉල්ලා සිටින බවද එම නිවේදනයේ සඳහන් වේ.

69d3708659c50pdf page 0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *