14 හැවිරිදි දැරියට අපයෝජනය – සැකකරු රක්ෂිත බන්ධනාගාරයට

නිකවැරටිය අධිකරණය නියෝග කළ පරිදි, වයස අවුරුදු 14ක දැරියකට බරපතළ ලිංගික අපයෝජනය සිදුකිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් සැකකරුවෙකු ලබන 25 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.මෙම සැකකරු නිකවැරටිය උතුරු කොට්ඨාසයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සංවිධායකයෙකු වන අතර, පසුගිය පළාත් පාලන මැතිවරණයේදී අපේක්ෂකයෙකු ලෙසද කටයුතු කළ බව වාර්තා වේ.විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, දැරියගේ මව්පියන් අතර ඇති වූ ආරවුලක් හේතුවෙන් ඇය ඥාති නිවසක රැඳී සිටින අවස්ථාවේදී, සැකකරු විසින් “ආරක්ෂිත ස්ථානයක් ලබාදෙනවා” යනුවෙන් පවසමින් තම නිවසට රැගෙන ගොස් අපරාධය සිදුකිරීමයි.දැරියගේ මව නිකවැරටිය පොලිසියට කළ පැමිණිල්ල මත විමර්ශන ආරම්භ වී ඇති අතර, අනතුරුව දැරිය රෝහල්ගත කර පරීක්ෂණ සිදුකිරීමේදී අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාට ඇය විසින් තොරතුරු හෙළි කර තිබේ. ඒ අනුව පොලිසිය සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *