අශෝක රන්වල නැවත කතානායක ධූරයටද?

පා.ම. අශෝක රන්වල මහතාගේ ආචාර්ය උපාධි සහතිකය පිළිබඳ ගැටළුජාතික ජන බලවේගය ආණ්ඩුවේ නව කථානායකවරයා ලෙස පත්වූ පා.ම. අශෝක රන්වල මහතා, තම ආචාර්ය උපාධි සහතිකය පිළිබඳ විපක්ෂය මතුකළ දැඩි විරෝධය හමුවේ ධූරයෙන් ඉල්ලා අස්විය. ආරංචි අනුව, ඔහුගේ උපාධි සහතිකය “පැවදි නමකින්” නිකුත් වී ඇති අතර, 88/89 භීෂණ සමයේ ජීවිත ආරක්ෂාව සදහා ජපානයට ගොස් භික්ෂුවක් ලෙස අධ්‍යාපනය කරගෙන තිබුණා. එම නිසා ඔහුගේ අධ්‍යාපන සහතිකවල සදහන්ව ඇත්තේ ගිහි නම නොව පැවදි නම බවයි.ඉල්ලා අස්වීමේදී ඔහු කිසිදු කලබලයක් නොපෙන්වා, ප්‍රජාතන්ත්‍රවාදී ආකාරයෙන් කථානායක ධූරය අත්හැර දමා තිබුණා.

නමුත් ඔහු විසින් ඉදිරිපත් කරන ලද තොරතුරු මේ වන විට විපක්ෂයද පිළිගෙන ඇති බව දේශපාලන ආරංචිමාර්ග පවසන අතර බොහෝ විට අශෝක රන්වල මහතා නැවත කතානායක තනතුරේ දිවුරුම් දීමේ හැකියාවක් ද පවතින බව අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *