විගණකාධිපති පත්කරනවා කියන්නේ පැයක වැඩක් – මෛත්‍රී
තමා ජනධිපති ධූරය දැරූ සමයේද තමා විසින් විගණකාධිපතිවරයෙක් පත් කළ බවත්, ඒ සඳහා උපරිම ගත වූයේ පැයක කාලයක් පමණක් බවත්, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.
මාස ගණනාවක් පුරාවට විගණකාධිපතිවරයෙක් පත් නොකිරීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් ඔහු මේ බව සඳහන් කළා.
“මමත් විගණකාධිපතිලා පත් කරලා තියෙනවා. ඒ පත් කරපු හැටි බැලුවා නම් ලේසි. ඕක පැයක වැඩක්.”
මේ වන විට ජාතික ජන බලවේගය නගර සභා අයවැය පරාජය වීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් ඔහු කියා සිටියේ, එය ප්‍රජාත්‍රන්තවාදය තුළ පළාත් පාලන නීතිය යටතේ ජන්ද විමසීමක් සිදු කළ හැකි බවත්, එහිදී එයට ඕනෑම කෙනෙකුට ප්‍රජාත්‍රන්තවාදීව ජන්දය භාවිතා කළ හැකි බවයි.
වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ,
“තවම අපිට හොඳ මාර්ගයේ යනවද කියලා කියන්න බෑ ආණ්ඩුවක් ඇවිල්ලා අවුරුද්දක් ඇතුළත කොහොමද කියන එක. සාමාන්‍යයෙන් අවුරුදු 3ක් විතර යනකොට තමයි අලුතින් පත් වෙච්ච ආණ්ඩුවක් පිළිබඳව අපිට කියන්න පුලුවන් වැරදිද හරිද කියන එක…”


