කොන්ඩම්වලට බදු පැනවීමෙන් උපත් අනුපාතය වැඩි කිරීමට චීනයෙන් සැලස්මක්

chinaaaa

කොන්ඩම්වලට බදු පැනවීමෙන් උපත් අනුපාතය වැඩි කිරීමට චීනයෙන් සැලස්මක්
ජනවාරි 1 වන දින සිට චීනයේ ජනතාවට උපත් පාලන ක්‍රම සඳහා 13%ක පරිභෝජන බද්දක් ගෙවීමට සිදුවනු ඇති අත‍ර, ඒ සමග ම ළමාසුරැකුම් සේවා බදුවලින් නිදහස් කර ඇත.
මෙම වෙනස්කම් සිදු කර ඇත්තේ ලෝකයේ දෙවන විශාලතම ආර්ථිකය හිමි චීනය සිය උපත් අනුපාතය වැඩි කිරීමට දරන උත්සාහයේ කොටසක් ලෙසින් ය.

පසුගිය වසරේ අගභාගයේදී ප්‍රකාශයට පත් කරන ලද බදු ක්‍රම ප්‍රතිසංස්කරණයක් මගින්, චීනය එහි දිගුකාලීන එක් දරු ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරමින් සිටි 1994 සිට පැවති බොහෝ [බදු] නිදහස් කිරීම් ඉවත් කර ඇත.

චීනය නව පස් අවුරුදු සැලැස්මකට සූදානම් වෙයි : චීනයේ අතීත සැලසුම් ලෝකය හැඩගස්වා ඇති ආකාරය මෙන්න
දෙමාපිය නිවාඩු දිර්ඝ කරමින් සහ මුදල් ගෙවීම් ඇතුළත් විශාල වෙනස්කම් මගින් විවාහ ආශ්‍රිත සේවා සහ වැඩිහිටි සත්කාර සේවා අගය එකතු කළ බද්දෙන් (VAT) නිදහස් කර ඇත.

වයස්ගත වන ජනගහනයක් සහ මන්දගාමී ආර්ථිකයක් ඇති චීනය තරුණ පිරිස් විවාහ වීමට සහ දරුවන් ලැබීමට යුවල දිරිමත් කිරීමට දැඩි උත්සාහයක් දරමින් සිටී.

නිල දත්ත පෙන්වා දෙන්නේ චීනයේ ජනගහනය අඛණ්ඩව වසර තුනක් පහත වැටී ඇති බවත්, 2024 දී උපත ලැබුවේ ළදරුවන් මිලියන 9.54 ක් පමණක් බවත් ය.
එය, දශකයකට පෙර චීනය මිනිසුන්ට කොපමණ දරුවන් සංඛ්‍යාවක් සිටිය හැකි ද යන්න පිළිබඳ නීති ලිහිල් කිරීමට පටන් ගත් විට වාර්තා වූ උපත් සංඛ්‍යාවෙන් අඩක් පමණ වේ.

කෙසේ වෙතත්, උපත් පාලන කොපු, උපත් පාලන පෙති සහ උපාංග ඇතුළු උපත් පාලන ක්‍රම සඳහා වන බද්ද [වැඩි කිරීම] අනවශ්‍ය ගැබ් ගැනීම් සහ HIV අනුපාත පිළිබඳව කනස්සල්ලට
හේතු වී ඇති අතර, එය සමච්චලයට ද ලක්ව ඇත. දරුවන් ලැබීමට පෙළඹවීම සඳහා මිල අධික කොන්ඩම් වලට වඩා බොහෝ දේ අවශ්‍ය බව සමහර අය පෙන්වා දෙති.

එක් වෙළෙන්දෙක් මිල ඉහළ යාමට පෙර කල්තියා [උපත් පාලන කොපු] මිලදී ගන්නා ලෙස පාරිභෝගිකයින්ට උපදෙස් දුන් විට, සමාජ මාධ්‍ය පරිශීලකයෙක් එය මෙලෙස විහිලුවට ලක් කළේ ය: ‘
මම දැන් ජීවිත කාලයට ම කොන්ඩම් මිලදී ගන්නම්’.

‘මට දැනෙනවා මේක බොරුවක් කියලා, ඒත් මට ඒක ඕනේ’: චීන කතුන්ගේ AI ආදර සබඳතා
තවත් පුද්ගලයෙක් සටහන් කර තිබුණේ උපත් පාලන කොපුවක මිල සහ දරුවෙකු ඇති දැඩි කිරීමේ පිරිවැය අතර වෙනස මිනිසුන්ට පැහැදිලිව දැකගත හැකි බව යි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *