ගිනිඅවි බලපත්‍ර අලුත් කරවා ගැනීම ගැන දැනුම්දීමක්

WhatsApp Image 2026 01 31 at 1.00.35 PM

ගිනිඅවි සඳහා බලපත්‍ර හිමි පුද්ගලයින් සහ ආයතන 2026 වර්ෂය වෙනුවෙන් සිය ගිනි අවි බලපත්‍ර අලුත් කර ගැනීම සඳහා ආරක්ෂක අමාත්‍යාංශය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එමගින් සඳහන් කර ඇත්තේ ගිනිඅවි සඳහා බලපත්‍ර හිමි පුද්ගලයින් සහ ආයතන 2026 වර්ෂය වෙනුවෙන් සිය ගිනිඅවි බලපත්‍ර අලුත් කිරීම අද (31) දිනෙන් අවසන් වී ඇති බවයි.

ඒ අනුව එදිනට අලුත් නොකරන ලද ගිනිඅවි හිමිකරුවන් තුවක්කු ආඥාපනතේ 22 වගන්ති ප්‍රකාරව පෙබරවාරි මස 10 වන දිනට පෙර දඩ මුදල් ගෙවා ගිනිඅවි බලපත්‍ර අලුත්කරවා ගැනීම සිදුකළ යුතු බවත් අමාත්‍යාංශය දන්වා තිබෙනවා.

එම දිනට පෙර සිය ගිනිඅවි අලුත් නොකරන සියලු ගිනිඅවි හිමිකරුවන් සඳහා තුවක්කු ආඥාපනතේ 22 වගන්තියේ විධි විධාන අනුව වලංගු බලපත්‍රයක් රහිතව ගිනිඅවියක් සන්තකයේ තබා ගැනීම යටතේ නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවද අමාත්‍යාංශය සිය නිවේදනය මගින් වැඩිදුරටත් දන්වා තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *