මධුරෝ සහ බිරිඳ අද අධිකරණයට

maduro new web 1

මධුරෝ සහ බිරිඳ අද අධිකරණයට
වෙනිසියුලානු ජනාධිපති නිකලස් මදුරෝ සහ ජනාධිපති ආර්යාව වන සීලියා ෆ්ලෝරස්, අද (05) අමෙරිකාවේ මැන්හැට්න් දිස්ත්‍රික් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

මෙරට වේලාවෙන් අද රාත්‍රී 10.30ට පමණ අධිකරණය කටයුතු ආරම්භ වනවා.

ඒ දිස්ත්‍රික් විනිසුරු ඇල්වින් හෙලර්-ස්ටයින් ඉදිරියේදිය.

අමෙරිකානු අධිකරණ දෙපාර්තමේන්තුවේ චෝදනා පත්‍රයට අනුව, මදුරෝ ජනාධිපතිවරයා වෙනිසියුලානුවේ මත්ද්‍රව්‍ය ජාවාරම් වලින් පෝෂණය වූ දූෂිත, නීති විරෝධී රජයක් පවත්වාගෙන යන බව සඳහන් වනවා.

අමෙරිකාව විසින් නගන මූලික චෝදනාව වන්නේ නීති විරෝධී මත්ද්‍රව්‍ය ටොන් දහස් ගණනක්, අමෙරිකාවට ප්‍රවාහනය කිරීම සඳහා ලෝකයේ වඩාත්ම ප්‍රචණ්ඩකාරී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ මත්ද්‍රව්‍ය-ත්‍රස්තවාදීන් සමඟ, වෙනිසුවෙලානු ජනාධිපතිවරයා එක්ව කටයුතු කර ඇති බවයි.

ඒ අනුව, මත්ද්‍රව්‍ය-ත්‍රස්තවාදී කුමන්ත්‍රණ වලට සහය වීම, කොකේන් ඇතුළු මත්ද්‍රවය ආනයන කිරීමට කුමන්ත්‍රණය කිරීම, සහ ස්වයංක්‍රීය ගිනි අවි ඇතුළු විනාශකාරී අවි ළඟ තබා ගැනීම වෙනිසියුලානු ජනාධිපතිවරයාට එල්ල වන චෝදනා අතරට ඇතුලත්.

අමෙරිකානු බලධාරීන් නිකලස් මාදුරෝ ජනාධිපතිවරයාගේ පුත්‍රයා වන නිකලස් මාදුරෝ ගුවේරාට එරෙහිවද චෝදනා ගොනු කර ඇතැයි වාර්තා වනවා.

කෙසේ නමුත් සෙනසුරාදා සිදුකල මෙහෙයුමේදී, ඔහු, අමෙරිකානු හමුදා ග්‍රහණයට ලක්වූයේ නැහැ.

වීඩියෝ පටයක් නිකුත් කරමින්, නිකලස් මදුරෝ ගුවේරා වෙනිසියුලානු ජනතාවගෙන් ඉල්ලා සිටියේ, වීදි බැස, අමෙරිකාවට සිය විරෝධය පළ කරන ලෙසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *