පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සිව්වන ජාතික සමුළුව මාර්තු 1 වැනිදා (ඉරිදා) සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතය.
“පන්තියට බලය – බලයට පක්ෂය” යන්න මෙවර සමුළුවේ මූලික තේමාව වේ. උදෑසන 10.00 ට ආරම්භ වන පොදු සැසිය පස්වරු 2.00 දක්වා පැවැත්වෙන අතර, ඉන් අනතුරුව පක්ෂ සාමාජිකයින්ට පමණක් සීමා වූ සැසිවාරයක් පැවැත්වීමට ද කටයුතු සූදානම් කර ඇත.
මෙම සමුළුවේදී ප්‍රධාන දේශන දෙකක් පැවැත්වීමට නියමිතය. පක්ෂයේ ප්‍රධාන ලේකම් කුමාර් ගුණරත්නම් මහතා සහ ප්රචාරක ලේකම් දුමින්ද නාගමුව මහතා එම දේශන පැවැත්වීමට නියමිතය .
ඉදිරි වසර පහ සඳහා නව මධ්‍යම කාරක සභාවක් තෝරා පත් කර ගැනීම සහ පක්ෂයේ ඉදිරි දේශපාලන වැඩපිළිවෙළ සම්මත කර ගැනීම මෙම සමුළුවේ දී සිදු කෙරේ. එමෙන්ම පක්ෂයේ බලය සඳහා වන උපායමාර්ගය පිළිබඳ කෘතියක් සහ ජාතික ගැටලුවට විසඳුම පිළිබඳ කෘතියක් ද එදින එළිදැක්වීමට නියමිත බව පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.
විදෙස් රටවල් ගණනාවක වාමාංශික පක්ෂ මෙම සමුළුවට සුබපැතුම් එක් කිරීමට නියමිත අතර, සමුළුවට සමගාමීව සංස්කෘතික ප්‍රසංගයක් ද ඉදිරිපත් කෙරේ.


