2025 – ලංකා ඉතිහාසයේ වැඩිම ණය ගෙවූ වසරක් බව ඇමැතිවරයා පවසයි
ලංකා ඉතිහාසයේ වැඩිම ණය ගෙවූ වසර ලෙස 2025 වර්ෂය සැලකිය හැකි බව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය උපාලි පන්නිලගේ මහතා ප්‍රකාශ කළේය.
අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ කුරුණෑගල පැවති ප්‍රජා සංවර්ධන සභා නියෝජිතයින් දැනුවත් කිරීමේ වැඩසටහනකට එක්වෙමිනි.
ඇතැම් පාර්ශව විසින් 2028 වසරේදී වැඩිම ණය ගෙවීම් සිදුවන බව සඳහන් කළද, 2025 වසරේදී රජය ඩොලර් මිලියන 3900ක ණය වාරිකයක් ගෙවීමට පියවර ගත් බව අමාත්‍යවරයා සඳහන් කළේය. ඒ අනුව එම වසර ලංකා ඉතිහාසයේ වැඩිම ණය ගෙවීම් සිදු වූ වසරක් ලෙස හඳුනාගත හැකි බවද ඔහු පෙන්වා දුන්නේය.
එසේම, 2028 වසරේදී ගෙවීමට ඇති ණය ප්‍රමාණය ඩොලර් බිලියන 3.2ක් පමණක් වන බවද ඔහු අවධාරණය කළේය.
අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ, 2025 වසර තුළ ඩොලර් මිලියන 2100ත් 2200ත් අතර මුදලක් වාහන ආනයනය සඳහා වැය කර තිබුණද, එම වසර අවසානයේ ඩොලර් මිලියන 1700ක අතිරික්තයක් වාර්තා කිරීමට රජය සමත් වූ බවයි.
එම අතිරික්තය වාර්තා වීමට හේතුව ලෙස, 2025 වසරේදී උපයා ගත් ඩොලර් මිලියන 29300ක මුදලින් ඩොලර් මිලියන 27600ක් පමණක් වැය කිරීම දක්වා ඇතැයි ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
– AJ –


