විශේෂ අධ්‍යාපන අවශ්‍යතා සහිත සිසුන්ට මාසික දීමනාවක්

අඩු ආදායම්ලාභී පවුල්වල විශේෂ අධ්‍යාපන අවශ්‍යතා සහිත සිසුන් සඳහා මාසික දීමනාවක් ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. 2026 අයවැය යෝජනාවක් අනුව, සුදුසුකම් ලබන එක් සිසුවෙකුට රුපියල් 5,000ක මාසික දීමනාවක් ලබාදීමට රජය තීරණය කර ඇත.

දිවයිනේ සියලුම පාසල්වලින් අයදුම්පත් කැඳවා සුදුසුකම් ලැබූ සිසුන් 5,530 දෙනෙකු හඳුනාගෙන තිබේ. එම සිසුන් සියලුදෙනාට දීමනාව ලබාදීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කිරීමට අග්‍රාමාත්‍යවරිය ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස අනුමැතිය හිමිව ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *