කොළඹ කෝටි 250ක ඉඩම් ජාවාරම

කොළඹේ රුපියල් බිලියනයකට වටිනා ඉඩමක් ව්‍යාජ ඔප්පු සකස් කර විකිණීමේ නඩුවකොළඹ 07, බාන්ස් පෙදෙසේ පිහිටි රුපියල් කෝටි 250කට වඩා වටිනා ඉඩමක් ව්‍යාජ ඔප්පු සකස් කර අලෙවි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් CID විසින් ඉදිරිපත් කළ විදෙස් ගමන් තහනම් ඉල්ලීම අතිරේක මහේස්ත්‍රාත් ලහිරු සිල්වා මහතා ප්‍රතික්ෂේප කළ බව වාර්තා වේ.අදාළ ඉල්ලීමේදී ප්‍රකට මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුව ඇතුළු පුද්ගලයින් තිදෙනෙකුට විදෙස් ගමන් තහනමක් නියෝග කිරීමට CID ඉල්ලා තිබුණද, මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේ ඔවුන් මුලින්ම නඩුවේ සැකකරුවන් ලෙස නම් කළ පසු විදෙස් ගමන් තහනමක් නියෝග කළ හැකි බවයි.මෙම විමර්ශනයට පදනම් වී ඇත්තේ අංක 18 දරන පර්චස් 43ක ඉඩමක් ව්‍යාජ ඔප්පු සකස් කර රුපියල් බිලියනයකට ප්‍රසිද්ධ වාහන අලෙවි සමාගමකට විකිණීමේ සිද්ධියයි. CID අනාවරණය කළේ, ඉඩම අලෙවි කර ලැබුණු මුදල් අදාළ පුද්ගලයින් අතර බෙදාගෙන ඇති අතර ඩිලන්ත මාලගමුවට මුදල් වෙනුවට සුඛෝපභෝගී වාහන 14ක් ලබාගත් බවයි.මෙම ජාවාරමට සම්බන්ධ බවට සැකපිට අත්අඩංගුවට ගත් පන්නිපිටියේ පදිංචි 80 හැවිරිදි ආරියපාල දිසානායක නමැති පුද්ගලයෙකු මේ වන විට රක්ෂිත බන්ධනාගාරගත කර ඇති අතර ඔහුගේ රෝගී තත්ත්වය සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *