පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධ ආන්දෝලනාත්මක අල්විස් කමිටු වාර්තාව සම්බන්ධයෙන් පිවිතුරු හෙළ උරුමයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල යළිත් අදහස් පළ කළා.
ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැදවමින් ඔහු සදහන් කළේ ඉතා බරපතළ සංවේදී කාරණා සහිත ලිපියකට දින 12ක් තිස්සේ කිසිදු පියවරක් නොගැනීමට රවී සෙනෙවිරත්න පෙළඹුවේ කවුරුන්දැයි සොයාගත්විට පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු සොයාගැනීමට හැකි වනු ඇති බවයි.
කෙසේ වෙතත් ඔහු හෙලිකළ කරුණු ඇතුළත් අල්විස් කමිටු වාර්තාව කිසිසේත්ම පිළිනොගන්නා බවයි රජය සහ කාදිනල් හිමිපාණන් ඊයේ ප්‍රකාශ කළේ.
එවන් පසුබිමක පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල අද කැදවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඉහත අදහස් පළ කරනු ලැබුවා.


