ඊයේ (25) දිනයේදී පෑලියගොඩ මැනිං වෙළෙදපොළේ පලතුරු මිල අඩුවීමක් දක්නට ලැබුණු බව වෙළෙඳපොල ආරංචි මාර්ග සඳහන් කරනවා.
පාරිභෝගිකයින් වැඩි වශයෙන් පලතුරු මිලදී ගැනීමට වෙළඳ සංකීර්ණය වෙත පැමිණි බවටයි වාර්තා වෙන්නේ.
ඒ අනුව, පලතුරු තොග මිල වශයෙන් ඊයේ සඳහන්ව ඇත්තේ, සීනි කෙසෙල් තොග කිලෝවක් රුපියල් 100-120ක් ද, කෝලිකුට්ටු කෙසෙල් කිලෝවක් රුපියල් 200ක් ද, ඇඹුල් කෙසෙල් කිලෝවක් රුපියල් 60ක් ද, ඇම්බුන් කිලෝවක් රුපියල් 220ක් ද, පුවාලු කිලෝවක් රුපියල් 100ක් ද, ආනමාලු කිලෝවක් රුපියල් 100ක් ලෙසටයි.
තවද, කොමඩු කිලෝවක් රුපියල් 100ක් ද, අන්නාසි කිලෝවක් රුපියල් 450ක් ද, අල්පොන්සු අඹ කිලෝවක් රුපියල් 1200ක් ද, අලිගැටපේර කිලෝවක් රුපියල් 1000ක් ද, ගස්ලබු කිලෝවක් රුපියල් 120ක් ද, දිවුල් කිලෝවක් රුපියල් 100ක් ද අලෙවි වූ බවටයි වාර්තා වෙන්නේ.


