ඡන්ද පත්‍රිකා බෙදීම ආරම්භ වේ…….

vote web
මෙවර මහ මැතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදීම 27 ඉරිදා (අද) සිට ආරම්භ කරනු ලබන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
තැපැල් දෙපාර්තමේන්තුව වෙත එම නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා භාරදීම 26 සෙනසුරාදා සිදු කෙරීමට නියමිත විය.
තැපැල් දෙපාර්තමේන්තුව විසින් විශේෂිත රාජකාරියක් ලෙසින් අද (27) මෙන්ම 31 හා 03 වැනිදා තෙදින මෙම නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදීම සිදු කරනු ලබන බවත් එම තෙදින බෙදීමට නොහැකි වූ යම් ඡන්ද පත්‍රිකාවක් වෙත් නම් එම පත්‍රිකා 7 වෙනිදා බෙදා අවසන් කිරීමට තැපැල් දෙපාර්තමේන්තුව විසින් කටයුතු කරනු ලබන බවද කොමිෂන් සභාව පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *