ලංකා බැඩ්මින්ටන් ආයතනයේ අනුබද්ධිත මධ්‍යම පළාත් බැඩ්මින්ටන් සංගමය සංවිධාන කළ කැන්ඩි සමස්ත ලංකා විවෘත බැඩ්මින්ටන් ශූරතාවලියේ පිරිමි විවෘත ඒකල අංශයේ ශූරතාව දිනා ගැනීමට සවිනක වීරසේකර සමත්වූ අතර, පන්චාලි අධිකාරි කාන්තා විවෘත ඒකල ශූරතාව දිනා ගැනීමට සමත්වූවාය.


