මෙවර පාර්ලිමේන්තු මැතිවරණ ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්ද සළකුණු කිරීමේ කටයුතු හෙට (30) දිනයේ සිට ආරම්භ වීමට නියමිතව ඇත.
දිස්ත්රික් ලේකම් කාර්යාල, මැතිවරණ කොමිශන් සභාවේ කාර්යාල, පොලිස්පති කාර්යාල ඇතුළු සියලු පොලිස් ස්ථානවල ද හෙට දිනයේදී සහ නොවැම්බර් මස 04 දින ද තැපැල් ඡන්ද සළකුණු කිරීම සඳහා අවස්ථාව ලබා දී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.
ත්රිවිධ හමුදා කඳවුරුවල සහ සෙසු සියලුම රාජ්ය ආයතනවල තැපැල් ඡන්ද සළකුණු කිරීම සඳහා නොවැම්බර් මස පළමුවන දින සහ නොවැම්බර් මස 4 වන දින අවස්ථාව ලබා දි ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කළේය.
අදාළ දිනවල දී තැපැල් ඡන්දය සළකුණු කිරීමට නොහැකි වන තැපැල් ඡන්ද හිමියන්ට තමන්ගේ සේවා ස්ථානය පිහිටි දිස්ත්රික්කයේ දිස්ත්රික් මැතිවරණ කාර්යාලවල දී තැපැල් ඡන්දය සලකුණු කිරීම සඳහා අවස්ථාව ඇති බව වැඩිදුරටත් මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.


